PC Tips,
11:52 am
Post Top Ad
Your Ad Spot
Showing posts with label PC Tips. Show all posts
Showing posts with label PC Tips. Show all posts
18 March 2014
10 March 2014
21 February 2014
01 January 2014
මොබයිල් ෆෝන් අන්ලොක් කරන්නේ කොහොමද ?
New Technology,
PC Tips,
Software,
Web sites,
9:15 pm
බොහෝ රටවල ජන්ගම දුරකතන ගිණුමක් සමඟම දුරකතනයක් නොමිලේ ලබා දෙන අතර එම ජාලය තුලින් මිස වෙනත් ජාලයකින් සේවා ලබා ගැනීමට නොහැකි වන සේ ජන්ගම දුරකතනයට මෘදුකාංග මඟින් අගුලු දමයි.පිටරට වලින් මෙරටට ගෙන එන බොහොමයක් ජන්ගම දුරකතන මෙරට සේවා සපයන ආයතන වල සිම් කාඩ් සමඟ වැඩ නොකරන්නේ ඒ නිසාය.මෙවැනි ලොක් හෙවත් අගුලු ආකාර කිහිපයක් පවතී.
26 July 2013
22 July 2013
G-mail එක්ස්ප්‍රස් කිරීම
PC Tips,
9:46 am
තමන්ගේ නිදහස් ඊමේල් ගිණුම විදිහට ජීමේල් සේවය තෝරාගෙන සිටින්නන්ට නිතර අත්විදින්නට වන කරදරයක් වන්නේ එහි මුල් පිටුව ඉක්මනින් open නොවීමයි.ජීමේල් ගිණුමේ මුල් පිටුවට ගිණුමේ ලිපිනය හා පාස්වර්ඩ් එක ඇතුළුකොට log වීමට උතසහ කල විට බොහෝ විට inbox ඒක පෙන්වනවා වෙනුවට පරක්කුවට හේතු කියන "Loading..." හෝ "Oops...the system was unable to perform your operation.Please try again in a few second." යනාදී වැකි පෙන්වයි.නැත්නම් හිස් තිරයක් පෙන්වයි.
දැන් ඉතින් ඒ දෝෂය ඉවත්වන තෙක් සිටිනවා හැර වෙන කරන්නට දෙයක් බොහෝ දෙනා නොදනිති. එහෙත් මේ මන්දගාමී ගමන නවතා ජීමේල් සේවය සිඝ්‍රගාමි කිරීමේ ක්‍රම තිබේ.මෙහි දැක්වෙන්නේ එවැනි ඉගි කිහිපයකි.
- ජීමේල් ගිණුමේ ලෝඩින් ස්ක්‍රිනය පෙනෙන විටම Ctrl හා F5 යතුරු දෙක එකවර ඔබන්න.දැන් කිසි පරක්කුවක් නැතිව ඉක්මනින්ම loading ස්ක්‍රිනය මතු වෙනු ඇති.
- ජීමේල් ගිණුම open කරගන්නට www.gmail.com යන වෙබ් ලිපිනය වෙනුවට http://mail.google.com/mail යන වෙබ් ලිපිනය type කෙරුවේනම් මුල් ලිපිනයට වඩා වේගයෙන් inbox එක ලබා දේ.
- ජි මේල් inbox ඒක පෙනෙන්නට ගොස් එය ස්ටක් වූවානම් හෝ හිස් තිරය බොහෝ වේලාවක් දිස්වෙමින් තිබෙනවා නම් පළමු ගිණුම සම්මත HTML මාදිලියෙන් Open කර ගැනීමට http://mail.google.com/mail/h/ යන වෙබ් ලිපිනය වෙබ් බ්‍රවුසරය හරහා ඉල්ලන්න.දැන් ඉක්මනින් ජි මේල් මුල් පිටුව ලැබෙනු ඇති.අනතුරුව එහි ඇති ටුල් බාරය හරහා ගොස් සාමාන්‍ය මාදිලියේ ගිණුම පහසුවෙන් ලබා ගන්නට පුළුවන.
- ගුගල් සපයන වෙළද දැන්වීම් හා වෙනත් දැන්වීම් කිසිවක් නැතිව සරල ජීමේල් ගිණුම ඉල්ලා සිටිය හොත් එය කලින්නට වඩා ඉක්මනින් ලැබේ.ඒ සදහා http://m.gmail.com වෙත යන්න.එය සැබවින්ම ජීමේල් මොබයිල් සංස්කරණය(Gmail mobile version)යි.මෙය Internet explorer(IE) වෙබ් බ්‍රව්සරයට වඩා හොදින් Firefox වෙබ් බ්‍රව්සරය සමග වඩා ඉක්මනින් open වේ.
පරිගණකයේදී ජීමේල් ගිණුම open විය යුත්තේ මොන වෙබ් බ්‍රවුසරයෙන් දැයි(default browser)යන්න ගැන තොරතුරු ගිණුමෙහි සදහන් වෙයි.ඒ සියල්ල නොසලකා හැර මොන වෙබ් බ්‍රවුසරයෙන් හෝ ගිණුම open කරගන්නට ක්‍රමයක් තිබේ.ඒ සදහා http://mail.google.com/gmail?nocheckbrowser වෙබ් අඩවියට ගොස් ඒ හරහා ජීමේල් ගිණුම open කරගන්න.ඉන්ටර්නෙට් කැෆේ වලදී තමන්ගේ ඊමේල් ගිණුම විමසා බලන අයට මේ ක්‍රමය හොස ප්‍රයෝජනවත් ක්‍රමයකි.මේ කිසිවකින්ම ජි මේල් ගිණුමේ වේගය වැඩි කරගන්නට බැරිවූවා නම් www.google.com/ig වෙත යන්න.එහි ඇති උපදෙස් අනුව ගොස් පහසුවෙන් ගිණුම වේගවත් කර ගත හැක.
Post Top Ad
Your Ad Spot




