Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank : New Technology

Hot

Post Top Ad

Your Ad Spot
Showing posts with label New Technology. Show all posts
Showing posts with label New Technology. Show all posts

01 January 2014

මොබයිල් ෆෝන් අන්ලොක් කරන්නේ කොහොමද ?

9:15 pm
බොහෝ රටවල ජන්ගම දුරකතන ගිණුමක් සමඟම දුරකතනයක් නොමිලේ ලබා දෙන අතර එම ජාලය තුලින් මිස වෙනත් ජාලයකින් සේවා ලබා ගැනීමට නොහැකි වන සේ ජන්ගම දුරකතනයට මෘදුකාංග මඟින් අගුලු දමයි.පිටරට වලින් මෙරටට ගෙන එන බොහොමයක් ජන්ගම දුරකතන මෙරට සේවා සපයන ආයතන වල සිම් කාඩ් සමඟ වැඩ නොකරන්නේ ඒ නිසාය.මෙවැනි ලොක් හෙවත් අගුලු ආකාර කිහිපයක් පවතී.

22 July 2013

USB 3.0

10:24 am

යූ.එස්.බී ඉන්ටෙර්ෆේස් සොකට්ටු පරම්පරාවේ අලුත්ම සාමාජිකයාගේ නම් USB 3.0 ය.අලුත් සොකට්ටුවට USB 3.0 කියා කියන්නේ,දැන් තිබෙන සොකට්ටුව යූ.එස්.බී 2.0 නිසාය.ඊට කලින් තිබුනේ යූ.එස්.බී. 1.0 ය.
1996 ජනවාරි මාසයේ USB 1.0 සොකට්ටුව හදුන්වා දුන්නේ USB ප්‍රමිතිය සාදන ආයතනය  වන  යූ.එස්.බි.-අයි.එෆ්(USB-IF;Universal Serial Bus-Implementers Forum)විසිනි.මේ කණ්ඩායම සැදී සිටින්නේ පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලෝක මට්ටමේ ආයතන වලිනි.ඇපල් සමාගම,හෙව්ලට් පැකාඩ්,නෙක්,මයික්‍රොසොෆ්ට් සමාගම මෙන්ම ඉන්ටෙල් සමාගමද එහි බලපුලුවන් කාරයෝ වෙති.
මෙසේ හදුන්වා දුන් USB Interface සොකට්ටුව හරහා තොරතුරු හුවමාරු වුවේ තත්පරයට මෙගා බිට් 12 ක (Mbps)වේගයෙනි.ඒ හුවමාරුව මෙගා බයිට් 1.5(1.Mbps)කි.[පරිගණකයේ ගොනුවක ගබඩා කොට ඇති තොරතුරු මනින්නේ මෙගා බයිට් (MB) වලිනි.හුවමාරු වන තොරතුරු මනින්නේ මෙගබිට්(Mb)වලිනි.තත්පරයට මෙගා බයිට් එකක් ගොනුවක් සම්ප්‍රේෂණය වන්නේ මෙගාබිට් 8ක් වශයෙනි.

USB 1.0 හි තිබෙන මේ දත්ත හුවමාරු  වේගය තවත් වැඩි කොට USB 2.0 සොකට්ටුව නිර්මාණය කෙරිණි.2000 අප්‍රේල් මාසයේ එලි දුටු එහි දත්ත හුවමාරු වේගය තත්පරයට මෙගාබිට් 480(480 Mbps)කි.හෙවත් තත්පරයට මෙගාබයිට් 60(60Mbps)කි.එනම් එය හතලිස් ගුණයකින් වැඩිය.දැන් පරිගණකවල තියෙන්නේ මෙම USB 2.0 ඉන්ටර්ෆේස් සොකට්ටුවයි.

2007 සැප්තැම්බර් 18 වැනි දින Intel Develop Forum  හි ක්‍රියාත්මක කොට පෙන්වූ USB 3.0 සොකට්ටුවේ දත්ත හුවමාරු වේගය තත්පරයට ගිගාබයිට් 4.8(Gbps)කි.එනම් මේ වේගය USB 2.0 හි වේගය මෙන් දස ගුණයක වේගයකි.එනිසා USB 2.0 හරහා විනාඩි ගණනක් තිස්සේ download වූ (හුවමාරු වූ)දේවල් USB 3.0 හරහා තත්පර කීපයකින් හුවමාරු කරගන්නට පුළුවන් කම තිබේ.මේ USB 3.0 සොකට්ටුව  පරිගණක සමග සම්බන්ධ කොට එවීමේ වැඩ කටයුතු දිරි ගැන්වීම සදහා හෙව්ලට් පැකාඩ්,මයික්‍රොසොෆ්ට්,නෙක් සහ ඉන්ටෙල්  යන සමාගම් වල නියෝජිතයෝ කණ්ඩායමක් සේ(USB 3.0 Promoter Group)ඒක රාශි වි සිටිති.ඔවුන් කියා තිබුනේ USB 3.0 සොකට්ටුව සවි කල පරිගණක වලදී  ද USB 2.0 ගැලපුන පර්යන්ත උපාංග(Peripherals) එකසේ භාවිතා කල හැකි බවයි.  




Post Top Ad

Your Ad Spot