ඇගේ ගාන්න හොද මොන සබන් ද ? TFM Value


සබන් නිෂ්පාදනය සදහාප්‍රධාන වශයෙන්  තෙල් සහ කෝස්ටික් සෝඩා යොදා ගනී.තෙල් ඇගට ප්‍රශ්නයක් නැති වුවද කෝස්ටික් සෝඩා හොද නැත.පිටරට වල තෙල් සදහා සත්ව තෙල් යොදා ගත්තද ලංකාවේ භාවිතා කරන්නේ ශාක තෙල්ය.සබන් වලට යොදන තෙල් ප්‍රමාණය අනුව එහි අඩංගු Totally Fat Matter ප්‍රමාණය වෙනස් වේ.මෙම Totally Fat Matter  වැඩි නම් එම සබන් වර්ගය ඇගට හොදය.ඒ කියන්නේ එහි කෝස්ටික් සෝඩා ඇත්තේ අඩු ප්‍රමාණයකි.සබන් පෙට්ටි වල මෙම Totally Fat Matter ප්‍රමාණය සදහන් වි ඇත.එයට කියන්නේ TFM අගය කියායි.ඇගේ ගාන සබන් වර්ගයක් තෝරා ගනිද්දී මෙම TFM අගය වැඩි සබන් වර්ගයක් තෝරා ගන්නේ නම් ඔබේ ඇගට හොදය.ළදරු සබන් වල මෙම අගය ඉහල අගයක් ගනී.


Previous Post Next Post