සිරිපැරකුම් සිංහල චිත්‍රපටිය| Siriparakum sinhala movie - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

12 July 2013

සිරිපැරකුම් සිංහල චිත්‍රපටිය| Siriparakum sinhala movie

මෙම බ්ලොග් පොස්ට් ඒක තුල වීඩියෝ 4ක් සහ චායාරුප 20ක්ඇතුලත්ය.

එක් දිනකදී වැඩිම පිරිසක් බැලූ චිත්‍රපටය?

“සිරිපැරකුම්” 2013 මැයි 31වන දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 51ක තිරගතවීම ආරම්භවූයේ වාර්ථාවක් ද සමගිණි .ඒ ප‍්‍රදර්ශණය ආරම්භ වී දින හතරක වැඩිම ආදායම් ඉපැයූ ලංකාවේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙසය .
දැන් “සිරිපැරකුම්” සිංහල සිනමාවේ ඵෙතිහාසික දෙවන වාර්ථාව තැබීමට ද සමත් වී ඇත. ඒ 2013 ජුනි16වන දින “සිරිපැරකුම්” නැරඹීමට ලංකාව පුරා ඇති සිනමා ශාලාවල් වලට එක් රැස්වු පේ‍්‍රක්‍ෂක ජනතා සංඛ්‍යාව 53,962කි. මෙය ලංකා සිනමා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තැබූ වාර්ථාවක් බව එහි නිෂ්පාදිකා රේනුකා බාලසූරිය පැවසීය. එදින ට පමණක් ලැබූ ආදායම රුපියල් හැත්තැ හය ලක්‍ෂ අසූ හයදාස් නවසිය දහ නවයකි. එය එක් දිනක් තුළ සිනමා නිර්මාණයක් ලැබූ වැඩිම ආදායම වේ.

සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවගේ දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා නිර්මාණය වුණු සිනමා පටය යි, සිරි පැරකුම්.
දඹදෙණිය රාජධානිය කොට 13 වන සියවසේ රාජ්‍ය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශි‍්‍රතව ඇති ජනප‍්‍රවාද පාදක කර ගනිමින් රචිත තිර රචනයකි.
මෙම රජතුමාගේ ළමා කාලය ගැන ලේඛන ගත, සනාථ කළ නිශ්චිත තොරතුරු ඉතිහාසයේ සදහන් වී නැතත් මුඛ පරම්පරාවෙන් පැවත එන විවිධ ජනප‍්‍රවාද රාශියක් ඇත. මෙම ජනප‍්‍රවාද වල කියවෙන බොහෝ නම්ගම් හා පෙලපත් නාම අදත් අසන්නට දකින්නට ඇති නිසා එම ජනප‍්‍රවාදවලට පාදක වූ කිසියම් සත්‍ය තොරතුරු ද ඇතැයි අනුමාන කළ හැක. ඇතැම් ජනප‍්‍රවාද අතර පරස්පර විරෝධීකම් ඇතත් සියලූම ජනප‍්‍රවාද වලට පොදු ලක්ෂණ ද ඇත. එවන් පොදු ලක්ෂණ හා සිනමා කෘතියකට උචිත ලෙස මනඃකල්පිතව නිර්මාණ කරන ලද සිදුවීම්ද මෙහි ඇතුළත් ය.
එහෙයින්, මෙම තිර රචනය එම ජනප‍්‍රවාද පාදක කරගත් නව නිර්මානයක් විනා සත්‍ය තොරතුරු පමණක් අඩංගු ඉතිහාස වාර්තාවක් නොවනු ඇත.




Producer


Release Date2013-04-30
Synopsis | සාරාංශය:

කාලිංග මාඝගේ ආක‍්‍රමනයෙන් පසු පොළොන්නරු රාජධානිය අතහැර සිංහල රාජධානිය දඹදෙනිය බවට පත් කර, දඹදෙනි පව්ව මත මලිගයක් තනවා තුන්වන විජයබාහු රජතුමා රජකම් කරන සමයයි. රජතුමාගේ පළමු අග බිසව පරාක‍්‍රමබාහු කුමාරයා බිහිවන දරු ප‍්‍රසූතියේදී මිය යයි. ඉන් පසු අග බිසව බවට පත්වන්නේ යෝනක බිසවකි. මෙම බිසවට ලැබෙන කුමාරයා වත්හිමි නම් වේ. රාජ සම්ප‍්‍රදාය අනුව පරාක‍්‍රමබාහු කුමාරයාට ඊලග රජකම හිමි වුවද, සිය පුත් වත්තමි කුමාරාට ඊලග රජකම ලැබිය යුතු බවට යෝනක බිසව රජතුමා කැමති කරවා ගනී. මෙම තීරණයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විරෝධයක් ඇත. මාඝගේ සේනාව දඹදෙනිය දෙසට ගමන් කරයි. යුද්ධයෙන් ජය ලැබුවහොත් සුදු කොඩියකුත්, පරාජය උවහොත් කළු කොඩියකුත්, සමග පනිවුඩ සෙබලකු එවන බවට දැනුම් දී සතුරු සේනාව මැඩපැවැත්වීමට චතුරංගනී සේනාවද සමග රජතුමා යුධ බිමට යන්නේ පරාක‍්‍රමබාහු කුමාරයාගේ ආරක්ෂාව පතිරාජ නම් සෙනෙවියකුට පැවරීමෙනි.

රජතුමා පරාජය වී, කළු කොඩියක් දුටුවහොත් මාලිගා පවුවෙන් බිමට පැන දිවි නසා ගන්නට අන්තඃපුර කුමාරිකාවන් සහ අනෙකුත් සේවකයින් ගිවිස ගනියි. නමුත් රජතුමා නියත වශයෙන් ජය ලබන බව දෛවඥයින් පවසා ඇත. පරාක‍්‍රමබාහු කුමාරයා මරා දැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා යෝනක බිසව සුදු කොඩිය ගෙන

එන සෙබලා මරා, කළු කොඩියක් ගෙන වෙනත් සෙබලකුට එන ලෙස කුමන්ත‍්‍රණය කරයි. මාලිගා පර්වතයෙන් බිමට පනින සියලූ දෙන සමග පරාක‍්‍රමබාහු කුමාරයාද දමා, තමා දිවි ගලවා ගැනීම ඇයගේ උපායයි.

රජතුමා යුධයෙන් ජය ගනී. කුමන්ත‍්‍රණය අනුව කළු කොඩි සෙබලා පැමිනේ. බිසෝවරු සමග සේවකයින් පර්වතයෙන් බිමට පැන දිවි නසා ගනිති. පතිරාජ සෙනෙවිගේ රැකවරණය නිසා පරාක‍්‍රමබාහු කුමාරයා බේරෙයි. නමුත් මාලිගාවේ සිටීම කුමාරගේ ජීවිතයට තර්ජනයක් නිසා පතිරාජ සෙනෙවි මාලිගාවේ රෙදි සෝදන රෙදිනැන්දා අත කුමාරයා ගමට පිටත් කර හරින්නේ කෙසේ හෝ කුමාරයා ජීවත් විය යුතු නිසාය.

රෙදිනැන්දා කුමාරයා ගමේ ගමරාලට බාර දෙන්නේ රාජ කුමාරයෙකු බව නොකියාය.ගමරාළට කළු එතනා හා සිරිමල් එතනා නමින් දූවරු දෙදෙනෙකි. කුමාරයා ‘‘අප්පුවා’’ නමින් නම් කෙරේ.

මාලිගාවේ සිරවී ගෙවූ ජීවිතයට වඩා ගමේ නිදැන්ලේ ගෙවන ජීවිතය කුමාරයා පි‍්‍රය කරයි. කාලයත් සමග තමා රාජකුමාරයෙකු වග කුමාරයාට අමතක වී යයි. රූපකායෙන් මෙන්ම කි‍්‍රයාකාරකම්වලින්ද අප්පුවා අනෙකුත් ළමයින්ට වඩා කැපී පෙනෙන්නෙකු වෙයි. ක‍්‍රමයෙන් තරුණ වියට පත්වන අප්පුවා ගමරාලගේ ගොවිතැන් කටයුතු වල සියලූ වගකීම් බාර ගනියි. කළුඑතනා අප්පුවා කෙරෙහි ඇත්තේ අප‍්‍රසාධයකි. නමුත් බාල සොයුරිය සිරිමල් එතතා අප්පුවා පි‍්‍රය කරයි. ගැහැණු ළමයි දෙදෙනාට මංගල යෝජනා එන විට ගමරාල කැමති වන්නේ දෙදෙනාම අප්පුවාට සරණපාවා දීමටය. කළුඑතනා අප්පුවා ප‍්‍රතික්ෂේප කරන අතර සිරිමල් එතනා එකග වෙයි. මේ අතර 3වන විජයබාහු රජතුමා මියගොස් වත්තිමි කුමාරයා කුරුණෑගල රාජධානිය කොට රජකම් කරයි. මෙම රජතුමා කෙරෙහි බෞද්ධ භික්ෂූන්ගේ අප‍්‍රසාදයක් ඇති නිසා කුමන්ත‍්‍රණයකින් පසු ඔහු පර්වතයෙන් බිමට පෙරලා මරා දමයි.
ඊලගට කිරුළ භාර ගැනීමට සුදුස්සෙකු නැති හෙයින්, රාජකීය හස්තියා දන නමස්කාර කරන පුද්ගලයා රජු වශයෙන් තෝරාගැනීම සම්ප‍්‍රදාය හෙයින්, හස්තියා සරසා වීදි සංචාරය කරවයි. පරාක‍්‍රමබාහු කුමාරයා සිටින දිසාව දන්නා පතිරාජ සෙනෙවි ඇතා යොමු කරන්නේ එම ගමටය. හස්තියා අප්පුවා ඉදිරියේ දන නමස්කාර කරයි.
දෙවන පරාක‍්‍රමබාහු නමින් අභිෂේක ලබන රජතුමා සිරිමල් එතනා අගබිසව ලෙසට තෝරා ගනියි. උගත් පඩි රුවනක් වන මෙම රජතුමා බුදු සසුනේ, කෘෂිකර්මයේ සහ සාහිත්‍යයේ විශාල දියුණුවක් ගොඩ නගන අතර ‘කව්සිළුමිණ’ නමින් මහා කාව්‍යයක්ද කරයි.

                                                                 

Cast & Crew

චරිත———————–
පරාක‍්‍රමබාහු (අප්පුවා) ළමා වයස 1 ප‍්‍රමුදිත උදයකුමාර
ළමා වයස 2 සචින් චතුරංග
තරුණ අකිල ධනුද්දර
කළු එතනා                    ළමා වයස 1 සෙනංගා කැප්පෙටිපොල
ළමා වයස 2 මිහිරි දේශපි‍්‍රය
තරුණ සිනේති අකිලා
සිරිමල් එතනා               ළමා වයස 1 තරින්සා සිංහබාහු
ළමා වයස 2 මිනෝලි බාලසූරිය
තරුණ සෙනාලි ෆොන්සේකා
විජයබාහු රජතුමා : පාලිත සිල්වා
යෝනක බිසව : සචිනි අයේන්ද්‍රා
පතිරාජ සෙනෙවි: අෂාන් ඩයස්
පුරෝහිත 1 : දයාදේව එදිරිසිංහ
රෙදි නැන්දා : චාන්දනී සෙනෙවිරත්න
ගමරාළ : බිමල් ජයකොඩි
ගම හාමිනේ : ජයනි සේනානායක
කළුන්දාව හාමුදුරුවෝ : ගිරිරාජ් කෞෂල්‍ය
සංඝරාජ හාමුදුරුවෝ : සම්පත් තෙන්නකෝන්
කම්මල් කරු : ජයන්ත මුතුතන්ති‍්‍ර
රනාවත්තේ දුරයා : ලලිත් ජයකාන්ත
දුර හාමිනේ : දමයන්ති ෆොන්සේකා
ශිල්පීන්———————-
සහාය අධ්‍යක්ෂණය – අසෝක අතාවුදහෙට්ටි
වේශ නිරූපනය – නාරද තොටගමුව
නිශ්චල ඡායාරූප – විශ්ව බාලසූරිය
ඇදුම් නිර්මානය – වෙනුක වික‍්‍රමාරච්චි
කලා අධ්‍යක්ෂණය – හීනැටිගල පේ‍්‍රමදාස
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනා – විශාරද හර්ෂන දිසානායක, සමන් ලෙනින්,
සුවී මාලියද්ද, රූනාර දිසානායක
සංස්කරණය – අජිත් රාමනායක
කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා
නිෂ්පාදනය – රේණුකා බාලසූරිය
තිර රචනය හා අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක
                                                                  
සිනමා ශාලාවනගරයවේලාවවිමසීම්
ලිබර්ටිකොල්ලුපිටිය10.30 – 1.30 – 4.15 – 7.007444477
සැවෝයි 2වැල්ලවත්ත10.30 – 1.30 – 4.15 – 7.007444477
ක්වීන්ලන්නුගේගොඩ10.30 – 1.30 – 4.15 – 7.007432433
සමන්තාදෙමටගොඩ10.30 – 1.30 – 4.15 – 7.007432429
සිනෙමැක්ස්ජා-ඇල10.30 – 1.30 – 4.15 – 7.007449650ක
ඉම්පාලාරාජගිරිය10.30 – 1.30 – 4.15 – 7.007432431
ටවර්මොරටුව10.30 – 1.30 – 4.15 – 7.007432434
නිකාඩෝකඩවත10.30 – 2.30 – 6.307432435
සිනෙක්ස්පෝකුරුණෑගල10.30 – 2.30 – 7.00037-7214542
විල්මැක්ස්අනුරාධපුර10.30 – 2.30 – 6.30025-7429300
ප්‍රිස්කාකළුතර10.30 – 2.30 – 6.30034-2222949
රීගල්අම්බලන්ගොඩ10.30 – 2.30 – 6.30091-7214512
ක්වින්ස්ගාල්ල10.30 – 2.30 – 6.00091-7214511
මාෂාපානදුර10.30 – 2.30 – 6.30038-2232517
රෝයල්මීගමුව11.00 – 3.00 – 6.30031 – 2224566
අනූෂාමහරගම10.30 – 2.30 – 6.152850341
රිකී 1කොටුව10.30 – 2.30 – 6.302389684
සීගිරිකටුගස්තොට11.00 – 2.30 – 6.30081 – 2497919
විජයන්තිකඩුවෙල10.30 – 2.30 – 6.304403858
ලේඛාහෝමාගම10.30 – 2.30 – 6.300113 – 155298
පබ්ලික් හෝල්ගම්පහ10.30 – 2.30 – 6.30033 – 7200949
චන්ද්‍රාඅවිස්සාවේල්ල10.30 – 2.30 – 6.15036 – 2222229
ජෝතිරත්නපුර10.30 – 2.30 – 6.30045 – 7213751
ටාසන්කෑගල්ල10.30 – 2.30 – 6.00035 – 4928294
විල් මැක්ස්අනුරාධපුර10.30 – 2.30 – 6.30025 – 7429300
එස්.කේමාතර10.30 – 2.30 – 6.30041 – 2222151
නිව් ටවුන්ඇඹිලිපිටිය10.30 – 2.30 – 7.00072 – 7650671
ජයබිමගම්පොල10.30 – 2.30 – 6.00081 – 4936166
සිනේසිටි දර්ශනකොස්වාඩිය6.30 – 9.30 -සෙන|ඉරිදා-2.30-6.30-9.30077 – 8268905
ලක්බිමකුලියාපිටිය10.30 – 2.30 – 6.30037 – 2282424
සීගිරිවේයන්ගොඩ10.30 – 2.30 – 6.30033 – 2287313
රෙක්ස්බදුල්ල10.30 – 2.30 – 6.30055 – 2222485
සීගිරිබණ්ඩාරවෙල10.30 – 2.30 – 6.30057 – 2222579
සෙන්ට්‍රල්මාතලේ10.30 – 1.30 – 4.30066 – 7211736
සරසවිඅලව්ව10.30 – 2.30 – 6.00037 – 2278128
නිව් ජානකිමතුගම10.15 – 2.15 – 6.00034 – 7901271
සීතාපිළිමතලාව10.30 – 1.30 – 4.300773 – 403084
සිනේෂානාවලපිටිය10.30 – 2.30 – 6.00054 – 3546315
නිව් චම්පිකාඉංගිරිය10.30 – 2.30 – 6.300114 – 881886
රුහුණුතංගල්ල10.45 – 2.45 – 6.45038-2232517
ශ්‍රීයාවාරියපොළ10.30 – 2.30 – 7.00
එච්.එච් පීමොනරාගල10.45 – 2.45 – 6.45
සම්පත්කැකිරාව10.45 – 2.45 – 6.45
නිව් රෝහණතිස්සමහාරාම10.30 – 2.30 – 6.30
රීගල්අම්පාර10.30 – 2.30 – 6.30
සමුපකාරහිඟුරක්ගොඩ10.30 – 2.30 – 7.00
නීලාදංකොටුව6.45 – 9.00 -සෙන|ඉරිදා|සඳුදා-10.30-2.30
එලයිට්කොච්චිකඩේ2.30-6.30-9.30 – සෙන|ඉරිදා-10.30
රිනවුන්දිගන10.30 – 2.30 – 6.30
නන්දානිකවැරටිය10.30 – 2.30 – 6.30
හසලක සිනමාහසලක10.30 – 2.30 – 6.30
රමෝගාවෙන්නප්පුව10.30 – 2.30 – 6.30
සිහිනඇල්පිටිය10.30 – 2.30 – 6.30
සමනළඇල්පිටිය10.30 – 2.30 – 6.30




























උපුටා ගැනීම:http://cinema.lk/


Post Top Ad

Your Ad Spot