eBay Drop Shipping ගැන මෙන්න - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

20 January 2018

eBay Drop Shipping ගැන මෙන්න

මේ කියන්න යන්නෙ eBay Drop Shipping ගැන.
පටන් ගන්න කලින් Drop-Shipping කියන්නෙ මොකද්ද කියලා කෙටියෙන් කියන්නම්. Drop-Shipping වලදි අපිට Investment/Inventory එකක් ඕනෙ වෙන්නෙ නෑ. අපි ලග නැති ලෝකෙ වෙන කෙනෙක් ලග තියෙන එයාල විකුණන ඕනෙම දෙයක් අපිට අපේ වගේ Sell කරන්න පුළුවන්.
මේක කරන්නෙ මෙහෙමයි. අපි අතරමැදියෙක් ගෙන් අරගෙන අපෙන් මිලදී ගත්ත කෙනාට යවන එක තමයි මෙතැනදී අපි කරන්නෙ.

මුලින්ම පොඩි Product/Market Research එකක් කරන්න ඕනෙ මොනවගේ දේවල්ද වැඩිපුර මිනිස්සු ගන්නෙ, ඒවා අඩුවට ගන්න පුළුවන් තැන්. ඒවා Ship කරන විදි. ඒකට යන Cost එක. අපේ Profit එක වගේ දේවල් ටික. ඊට පස්සේ eBay එකේ List කරන්නයි තියෙන්නෙ.

මේකට ඔයාලට Verified PayPal Account එකක් ඕනෙ වෙනවා. දැනටමත් Seller Established PayPal Account එකක් තියෙනවනම් වැඩේ ගොඩක් ලේසි වෙයි.
eBay එක use කරලම නැති කෙනෙක් නම් Sell කරන්න කලින් ඉස්සල්ලම මොනවහරි Order කරලා එහෙම පොඩ්ඩක් Ideas අරගන්න.

ඕනෙ දේවල්.
1. අවංක කම
2. ඉවසීම.
3. eBay Account එකක් සහ Verified PayPal Account එකක්.
4. භාණ්ඩ මිලට ගැනීමට මුදල්
5. eBay නීති රීති වලට ගරු කිරීම.

eBay නීති රීති ගැන අවධානයෙන් ඉන්න, උදා: Photos වල වචන දාන්න බැහැ, Edit කරපු Photos බැහැ, 500px ට වඩා Photos Large වෙන්න ඕනේ, Borders තියෙන්න බැහැ, කොහෙන් හරි උස්සපු ෆොටෝ දාන්න බැහැ. ඔය වගේ දේවල් ගැන යාවත්කාල වෙනවනම් PayPal Limit වෙන එක, Listing Limits වගේ දේවල් අවම කර ගන්න පුළුවන්,

ඉස්සල්ලම අපි Dropshipping Support Retail Site එකක් Select කරගන්න ඕනේ.
Ex: http://www.buyincoins.com
http://www.tomtop.com

මුලින්ම ඔයාල Select කරනSite එකකින් ඔයාට ඕනේ පොඩි Item Order කරලා බලන්න, මේ සයිට් වල Coupons, Points, Shipping Times, Customer Services ගැන Idea එකක් ගන්න. අපි දැන් eBay Sell කරන්න යන්නෙ මේ සයිට් වල තියන Item.

මුලින්ම Selling පටන් ගද්දි eBay එකේ Listing Limits ගැන අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕනේ. ඒ Limits බලාගන්න මම Official eBay Link එක කෙලින්ම මෙතන දාන්නම්. ආයිත් අමුතුවෙන් සිංහලෙන් කියන්න දෙයක් නෑනෙ. http://pages.ebay.com/help/sell/sellinglimits.html

Item එකක් List කරන්න මුලින්ම Sell කියන Tab එකට යන්න.
ඊ ලඟට එන Search Box එකේ ඔයා Sell කරන්න බලාපොරොත්තු වෙන Item එකේ Keyword දීල Search කරන්න,
ඊළඟට අදාළ කැටගරි එක තෝරලා continue කරන්න. Variations ගැන ඇහුවොත් Skip කරන්න.
දැන් එන්නේ Listing කරන Step එක
මේකේ තියන Details Fill කරන්න ඕනේ. * ලකුණ තියන ඒවා අනිවාර්යයෙන් හරියට Fill කරන්න.

Title එක පැහැදිලි, හැමෝටම තේරෙන හොද එකක් දාන්න.
Item එකේ Details දාන්න.
Add pictures වලින් Photos දාන්න.

(හැම තිස්සෙම List කරනකොට List කරන Item එකේ Fee එක වැඩි කරන දේවල් නොදා ඉන්න. උදා- Sub Title, Images වල Gallery Plus Option එක) ඔයාගේ Listing Fee එක පහල පෙන්නනවා,
Listing Fees: http://pages.ebay.com/help/sell/fees.html

Item එක Sell බලාපොරොත්තු වෙන Price එක දාන්න. මේ ගාන ඔයාගේ Listing එක බලන අය ගන්න කැමති වෙන ගානක් වෙන්න ඕනේ. සමාන බඩු eBay එකේ Sell කරන්න දාල තියන Prices බලන්න. එතකොට Idea එකක් ගන්න පුළුවන්, හැබැයි මේ ගාන ඔයාගේ Profit, Expense, Listing Fee එක, eBay Charge එක Cover වෙන්න පුළුවන් ගානක් වෙන්න ඕනේ.

මේ Item කීයක් විකුනනවද කියලත් දාන්න. මුලදී තමන්ට වියදම් කරන්න පුළුවන් ගානක් දාන්න. මොකද eBay එකෙන් ඔයාගේ Items Buyers ලා මිලට ගත්තත් ඒ සල්ලි PayPal එකේ Pending විදියට 2 Weeks විතර තියනවා, ඊට කලින් කස්ටමර්ට Item එක ගිහින් Positive Feedback එකක් දුන්නොත් PayPal Pending Balance Approve වෙනවා.
ඒ නිසා මාසයක් විතර මේකට පොඩි ගානක් යට කරලා තියන්න වෙනවා.

ඔයාගේ සල්ලි ලැබෙන PayPal එක හරියට දෙන්න.
Ship කරන තොරතුරු දාල Continue කරන්න

ඔක්කොම හරියට පුරවල තියනවනම් ඔයාට ඔයහේ List එකේ Preview එකක් ලැබෙනවා, ඔක්කොම හරිනම් දැන් List එක OK කරන්න.

දැන් තමා අවධානයන් ඉන්න ඕනේ, අපි Item එකක් Sell කරන්න දැම්මම ටික වෙලාවකින් අපේ Listing එක Approve උනා කියල Mail එකක් එනවා. ඊට පස්සේ ඔයාගේ එකට කැමති අය ඔයාට සල්ලි ගෙවනවා,

කවුරු හරි Purchase කලොත් ඔයා පුළුවන් තරම් ඉක්මනට එයාට Positive Feedback එකක් දෙන්න.
හැකි ඉක්මනට Dropshipping Site එකට Log වෙලා අදාල Item එකට Pay කරලා ඔයාගේ Customerගේ Address එකට Item එක යවන්න.

Dropshipping site එකෙන් ඔයාගේ Item/s Ship කලාම ඔයත් eBay එකේ Item Shipped කියල Mark කරන්න. Dropshipping Site එකේ Ship කරන්න පරක්කු වගේ නම් ඔයා කලින් Shipped කියල Mark කරන්න. Dropshipping Site එක ගැන ඔයාට තියන විශ්වාසය මෙතැනදී තමා වැදගත් වෙන්නේ, ඒකයි මම මුලින්ම කිව්වේ ඔයා ඔක්කොටම කලින් Item එකක් අරගෙන බලන්න කියලා. එතකොට Customer Service, Shipping ගැන එහෙම අවබෝධයක් ගන්න පුළුවන්.

දැන් ඉතින් බලන් ඉන්න තමා තියෙන්නේ. නමුත් Customer Case File කරන්න ඉඩ තියනවා Items Late උනොත් වගේ ඒ නිසා නිතරම අවධානයෙන් ඉන්න.

Customerගේ Positive Feedbacks තමා වැදගත් වෙන්නේ. ගොඩක් අය Positive Feedbacks දෙන්නේ Items Deliver වුනාම. ඒ නිසා මුලින් Fast Ship කරන Items යවන්න.

පුළුවන් තරම් Shipping වලට වෙනම සල්ලි අරන් Tracking Number එකක් එක්ක Ship කරන්න. දන්න විදියට එහෙම කරගෙන ගියොත් Top Rated Seller කෙනෙක් වෙන්න අමාරු නෑ.

එහෙමනම් 2018 හැමෝගෙම හීන හැබෑ වෙන සුපිරිම අවුරුද්දක් වේවා! 

Post Top Ad

Your Ad Spot