සාමාන්‍ය චිත්‍රපටි 3D චිත්‍රපටි බවට හරවමු.| 3D Video converter - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

24 July 2013

සාමාන්‍ය චිත්‍රපටි 3D චිත්‍රපටි බවට හරවමු.| 3D Video converter




දැන් තිබෙන සාමාන්‍ය චිත්‍රපටි හෙවත් ද්වි මාන චිත්‍රපට,ත්‍රීඩි හෙවත් ත්‍රිමාණ චිත්‍රපට බවට පරිවර්තනය කරන්න පුළුවන.මේ සදහා විශේෂයෙන් සකස් කල පරිගණක වැඩසටහන් තිබේ.සිලිසොෆ්ට් ත්‍රීඩි වීඩියෝ කන්වර්ටර්(Xilisoft 3D video converter) යනු එවැනි ජනප්‍රිය වැඩසටහනකි.ද්විමාන චිත්‍රපටි ත්‍රිමාණ චිත්‍රපටි බවට හරවන්නට මෙම වැඩසටහන යොදා ගන්නවාක් මෙන්ම ත්‍රිමාණ චිත්‍රපටි,ද්විමාන චිත්‍රපටි බවට හරවන්නටත් මෙම වැඩසටහන යොදා ගන්නට පුළුවන.

ඩවුන්ලෝඩ් කර ගැනීම

නොමිලේ දෙන සංස්කරණය පහත ලින්ක් එකෙන් ගොස් ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරගත යුතුය.


Portable Torrent file එක පහතින්




වීඩියෝ convert කිරීම

  • වීඩියෝ පරිවර්තනය කර ගැනීම හෙවත් කන්වර්ට් කර ගැනීම සදහා  Xilisoft 3D video converter වින්ඩෝ එක තුල ඉහලින්ම ඇති 2D to 3D  බට්න් එක ක්ලික් කල යුතුය.
  • මෙවිට Getting started නම් පිටුව open වේ.දැන් එහි පහල වම්  පසින් තිබෙන Add a Video file නම් බට්න් එක ක්ලික් කරන්න.
  • මෙවිට Add a video නම් ඩයලොග් බොක්ස් එක open වේ.මෙය සාමාන්‍ය  Open ඩයලොග් බොක්ස් එකක් පමණි.දැන් මේ තුලින් ද්විමාන වීඩියෝව තොර දිය යුතුය.
  • එවිට  Select 3D format of the output file නම් පිටුව open වේ.මෙහි වීඩියෝ එක ඇති තැනට පහලින් වීඩියෝව  convert කල හැකි ආකාර දැක්වෙන button 5 ක් තිබේ.මෙම button එකින් එක click කරන විට වීඩියෝව සකස් වෙන ආකාර preview එක තුලදී පෙන්වයි.මේ ආකාරයෙන් ත්‍රීඩි format එක සකස් කර ගැනීමෙන් පසුව ඊට පහලින් ඇති 3D Depth යන තැනීන් ත්‍රිමාන රුපයේ ගැබුර  සකස් කල හැක.
මෙම සැකසුම් කරන අතරතුරදී අවශ්‍ය නම් පහලින් තිබෙන Play බට්න් එක ක්ලික් කර වීඩියෝ එක ක්‍රියාත්මක වෙන ආකාරය බැලිය හැක.එහිදී අවශ්‍ය ආකාරයට 3D වීඩියෝව ක්‍රියාත්මක වේනම් පහල දකුණු පසින් ඇති Convert නම් button එක ක්ලික් කල යුතුය.

මෙවිට Output settings නම් බොක්ස් එක open වේ.දැන් මෙහි ඇති File Name යන තැන ෆයිල් එක සදහා සුදුසු නමක්ද,ඊට පහලින් ඇති Destination යන තැන ත්‍රිමාණ ෆයිල් එක සේව් විය යුතු තනද සටහන් කරන්න.මෙහි Profile යන තැන ඉහලින්ම තිබෙන ඩ්‍රොප් ඩවුන් මෙනු එක භාවිතා කර ත්‍රිමාණ ෆයිල් එක සේව් විය යුතු ෆයිල් ෆෝමැට් එක ලබාදී පහලින් ඇති OK බට්න් එක ක්ලික් කල විට ෆයිල් එක කන්වර්ට් වීම ආරම්භ වේ.

මේ ආකාරයෙන් ත්‍රිමාණ වීඩියෝවක් වෙනත් ෆෝමැට් එකකට වුවද convert කල හැක.ඒ සදහා  Xlilisoft 3D video converter එක තුල ඇති 3D to 3D නම් බට්න් එක ක්ලික් කරන්න.ත්‍රිමාණ වීඩියෝවක් Side by Side,
Side by Side(Half-Width),Top and Bottom හෝ Top and Bottom(Half-Height)යන ක්‍රමයකට සකස් කර ඇත්නම් නැවත ද්විමාන ආකාරයකට convert කර ගත හැක.ඒ සදහා 3D to 2D නම් බට්න් එක ක්ලික් කරන්න.මින් පසුව මුලින් විස්තර කල ආකාරයෙන්ම වීඩියෝ එක තෝරා දිය යුතුය.දැන් Side by Side,Side by Side(Half-Width),Top and Bottom හා Top and Bottom(Half-Height)යන බට්න් වලින් ත්‍රිමාණ වීඩියෝ එක ඇති ෆෝමැට් එක තෝරා අවසානයේ Next බට්න් එක තෝරා පසුව Convert  කල යුතුය.


Post Top Ad

Your Ad Spot